දේශීය

බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට යන්න හැදූ විසි එකක් අත්අඩංගුවට

මඩකලපුව නාවික හමුදා බුද්ධි අංශයේ නිලධාරීන් විසින් ලබා දුන් බුද්ධි තොරතුරකට අනුව‍ බොටිටු මගින් නීති විරෝධීව විදෙස් රටවලට සංක්‍රමණය වීමට තැත් කළ කාන්තාවන් හතර දෙනකු ඇතුළු පුද්ගලයන් 21ක් දෙනකු විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව තිබෙනවා.

මඩකලපුව කාත්තන්කුඩි පොලිස් වසමේ ධර්මපුරමි හා පුදුකුඩිරිප්පු මුහුදු වෙරළ ප්‍රදේශයේ දී කරන ලද වැටලීමකින් අදාල සැකකරුවන් 21 දෙනා අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කාත්තන්කුඩි පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

අත්අඩංගුවට ගත් කාන්තාවන් හා පුද්ගලයන් වයස අවුරුදු 22 හා 46 යන වයස්වල පසුවන යාපනය ,කිලිනොච්චිය , කිරාන්කුලමි ත්‍රිකුණාමලය මුතුර් කුබුරුපිඩිඩි ප්‍රදේශවල පදිංචි අය වේ.

වැඩිදුර ප්‍රශ්න කිරිමේදී ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ, මෙම නීති විරෝධී සංක්‍රමණය සඳහා එක් අයකු ගෙන් රුපියල් ලක්ෂ 15වත් 20ත් අතර මුදලක් අයකර ඇති බවත්, බොටිටු මගින් ගොස් ගැඹුරු මුහුදේ නවතා ඇති බහුදින යාත්‍රාවන්ට ඇතුළු වී මැලේසියාව හරහා ජාත්‍යන්තර මුහුදු සීමාවන් පසුකර ඔස්ට්‍රෙලියාව දක්වා ගමන් කිරිමට සුදානමිව සිටි බවයි.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button