විදෙස්

තුර්කි – සිරියා භූ කම්පනවලින් 23,700කට දිවි අහිමි වෙයි.

තුර්කි-සිරියා භූ කම්පනවලින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 23,700ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. 

එහිදී තවත් 80,000කට වැඩි පිරිසක් තුවාල ලැබුවා.

පසුගිය සඳුදා අලුයම 4. 17 ට පමණ තුර්කියේ, ගැසියන්ටෙප් ප්‍රදේශය ආශ්‍රිතව මැග්නිටියුඩ් ඒකක 7.8ක පළමු භූ කම්පනය ඇතිවිය . 

ඉන් අනතුරුව ඇතිවූ ප්‍රභල පසුකම්පන හේතුවෙන් ගොඩනැගිලි දහස් ගණනක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති බව විදෙස් වාර්තාවල සඳහන්. 

විදෙස් රටවල ද සහය සමඟින් සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයින් මුදාගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මකයි. 

අවතැන් වී සිටින පුද්ගලයින් සදහා මානුෂීය ආධාර සපයන ලෙස තුර්කි – සිරියා ජනාධිපතිවරුන් ගෝලීය ප්‍රජාවගෙන් ඉල්ලීමක් කළා.  

මීට ප්‍රතිචාර දක්වමින් අමෙරිකාව ඩොලර් මිලියන 85ක ආධාර පැකේජයක් ඔවුන්ට ලබාදීමට සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button