දේශීය

ක්ෂය රෝගීන් වාර්තාවීම ඉහළට

මෙරට ක්ෂය රෝගීන් වාර්තා වීම 14% කින් ඉහළ ගොස් ඇති බව ක්ෂය රෝග මර්දන සහ ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහන පවසනවා.

එහි ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය නිසායා කාදර් මහත්මිය සඳහන් කළේ, මේ වන විට පෙනහළුගත ක්ෂය රෝගීන් වාර්තා වීමේ වර්ධනයක් පෙන්නුම් කරන බවයි.

වෛද්‍ය නිසායා කාදර් මහත්මිය මේ බව සඳහන් කළේ, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එහිදී වෛද්‍යවරිය වැඩිදුරටත් දැක්වූ අදහස්,

අපි මේ රෝග තත්ත්වය සඳහා නොමිලේ හඳුනාගැනීමේ පරීක්ෂණ සහ ප්‍රතිකාර කිරීමේ කටයුතු සිද්ධ කරනවා. විශේෂයෙන් සෑම දිස්ත්‍රික්කයේම ළය රෝග සායන පවතිනවා. ඒ වගේම තමා ප්‍රතිකාර සඳහා රෝහල්වල අවශ්‍ය සියලු පහසුකම් සලසා තියෙනවා. ඒ වගේම 2035 වන විට මේ රෝගය තුරන් කිරීමට අවශ්‍ය කටයුතු සැලසුම් කරමින් පවතිනවා. ඒ තුරන් කිරීමට අවශ්‍ය කටයුතු සඳහා රෝගීන් වීම අපි 90%කින් අවම කරගන්න ඕනේ, ඒ වගේම මරණ සංඛ්‍යාව ඇති වීම 95%කින් අවම කළ යුතුයි. ඒ වගේම ක්ෂය රෝගියෙක් සඳහා දරන පිරිවැය අවම කිරීමත් මෙයින් අපේක්ෂා කරනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button