විදෙස්
ජපානයට ප්රභල භූ කම්පනයක් – සුනාමි අනතුරු සංඥා නිකුත් කරයි

ඊයේ (16) රාත්රියේ ජපානයේ ෆුකුෂිමාවට අයත් මුහුදු ප්රදේශයේ රික්ටර් මාපංක 7.3ක ප්රභල භු කම්පනයක් සිදු වී ඇත.
මේ සමගම සුනාමි අනතුරු සංඥා ෆුකුෂිමා හා මියාගි යන පළාත් වලට නිකුත් කරන ලද නමුත් අද (17) උදෑසන එය ඉවත් කරන ලදි.
මෙයින් දෙදෙනෙකු මියගොස් සියයකට ආසන්න ප්රමාණයක් තුවාල ලබා ඇති බවට වාර්තා වෙනවා.
තවද භු කම්පනයෙන් පසු මිලියන දෙකකට ආසන්න පිරිසකට විදුලිය සැපයුම ඇණහිට තිබෙනවා. කම්පනය බලපෑ න්යශ්ටික බලාගාර වල තත්වය පිළිබඳව විමසිල්ලෙන් පසුවන බවත් නමුත් මේ වනතෙක් කිසිඳු අසාමන්යතාවයක් බලාගාර නොපෙන්වන බවත් ජපාන බලධාරීන් සඳහන් කරනවා.
මෙය ෆුකුෂිමාවට අයත් මුහුදු ප්රදේශයේ කිලෝමීටර 60ක ගැඹුරින් සිදුවී ඇති බවට වාර්තා වෙනවා.