දේශීය

මහින්ද, නාමල් ඇතුළු 17කට එරෙහිව විදෙස් ගමන් තහනම් පැනවේ

ගාලුමෝදර “ගෝටා ගෝ ගම” සහ කොල්ලුපිටිය “මයිනා ගෝ ගම” යන අරගලවලට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන වලට අදාළව හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, සනත් නිශාන්ත, ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු 17 දෙනෙකුගේ විදේශ ගමන් තහනම් කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද නියෝග කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජෙනරාල් අයේෂා ජිනසේන මහත්මිය කරන ලද ඉල්ලීමකට අනුව මෙලෙස පියවර ගෙන ඇත.

පවිත්‍රා වන්නිආරච්චි,සංජීව එදිරිමාන්න, කාංචන විජේසේකර, රෝහිත අබේගුණවර්ධන, සී.බී රත්නායක,සම්පත් අතුකෝරළ, රේණුක පෙරේරා, නිශාන්ත ජයසිංහ, අමිත අබේවික්‍රම, පුෂ්පලාල් කුමාරසිරි, මහින්ද කහඳගම, දුලිප් පෙරේරා සෙසු පිරිස වෙයි.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button