දේශීය
බාල බෙහෙත් ගෙන්වූ තිදෙනකුට විදෙස් ගමන් තහනමක්

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ව්‍යාජ ලේඛන මගින් ලංකාවට ගෙන ඒම සම්බන්ධයෙන් සහ එලෙස ගෙන්වූ ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් දිවයින පුරා රජයේ රෝහල්වලට බෙදාහැරීමට සම්බන්ධ වූයේ යැයි කියන සෞඛ්‍ය ප්‍රධානීන් දෙදෙනකු ඇතුළු තිදෙනකුට මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය විදේශ ගමන් තහනමක් පනවා තිබෙනවා.
මෙසේ විදේශ ගමන් තහනම් කර තිබුණේ, ඖෂධ නියාමන අධිකාරියෙහි ප්‍රධාන විධායක අධ්‍යක්ෂ වෛද්‍ය විජිත් ගුණසේකර, සෞඛ්‍ය අමාත්‍යංශයේ සැපයුම් අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක, ඖෂධ ගෙන්වූ බව කියන සමාගමේ නිලධාරියකු වන සුගත් ජනක ප්‍රනාන්දු යන තිදෙනාටයි.
මෙම අපරාධයට සම්බන්ධ සියලුදෙනා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසද, මහේස්ත්‍රාත්වරයා රහස් පොලිසියට නියෝග කර තිබුණා.