ආයුධ පෙන්වීමට ගිය ටින්කර් ලසන්තටත් පොලිසියෙන් වෙඩි

මනුෂ්‍ය ඝාතන හා අපරාධ රැසකට සම්බන්ධ හේවා ලුනුගේ ලසන්ත නොහොත් ටින්කර් ලසන්ත නැමැත්තා අද අලුයම කළුතර උතුර දියගමදී පොලිස් වෙඩි පහරින් මිය ගොස් ඇතැයි වාර්තා වනවා.
පොලීසිය පවසන්සේ සඟවා තිබු ආයුධ පෙන්වීම සඳහා පොලිස් නිලධාරින් සැකකරු අද අලුයම කළුතර උතුර දියගමට රැගෙන ගිය අවස්ථාවේදි පොලිස් නිලධාරින්ට අත්බෝම්බයක් දමා ගැසීමට උත්සහා කිරීමේදි පොලිසිය තැබු වෙඩි පහරකින් සැකකරු ජීවිතාක්ෂයට පත්වූ බවයි.
එමෙන්ම එම වෙඩි හුවමාරුවේදි පොලිස් නිලධාරින් දෙදෙනෙකුද තුවාල ලබා ඇති බව පොලිසිය පවසනවා.
අපරාධ රැසකට සම්බන්ධ සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු වූ සන්සයින් සුදා නමැත්තා දික්වැල්ල ප්‍රදේශයේදි ඝාතනය කිරීමේ ප්‍රධාන සැකකරු වන ටින්කර් ලසන්ත මාතර ප්‍රදේශයේ පදිංචි කරුවකු වන අතර ඔහු මිනීමැරුම් ඇතුළු අපරාධ 13 සම්බන්ධ වූවකු බව පොලිසිය සඳහන් කරනවා.
සැකකරු සන්සයින් සුද්දාට වෙඩි තැබීමට යොදාගත් ගිනි අවිය කළුතර උතුර දියගම ප්‍රදේශයේ සඟවා තබා ඇති බවට ප්‍රකාශ කිරීමෙන් අනතුරුව එය සොයා පොලිස් නිලධාරීන් ඔහු රැගෙන ගිය අවස්ථාවේදී පොලිස් නිලධාරීන්ට අත්බෝම්බයක් දමා ගැසීමට කළ උත්සාහයේදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල කළ බව පොලිසිය පවසනවා.