දේශීය

දරුවෙක් ඇතුළු තිදෙනෙක් දියේ ගිලී මරුට

ප්‍රදේශ දෙකකදී දරුවෙකු සහ පුද්ගලයින් දෙදෙනෙකු දියේ ගිලී මියගොස් තිබෙනවා.

පොලීසිය පවසන්නේ, සන්දිවෙල් සිත්තන්ඩි ප්‍රදේශයේ චන්දනමඩුආරු ඇළේ ගිලී පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බවයි.

‍මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 25 හා 33 වයස්වල පසුවන සිත්තන්ඩි 02 ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයින් දෙ‍දෙනෙක්.

මෙම දෙදෙනා තවත් මිතුරන් කිහිපදෙනෙකු සමග ඊයේ (08) පෙරවරුවේ, දිය නෑමට ගොස් සිටියදී මෙලෙස දියේ ගිලී ඇති බවයි වාර්තාවන්නේ.

ප්‍රදේශවාසීන් විසින් එම පුද්ගලයි​න් දෙදෙනාව මාවධිවෙම්ඹු රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔවුන් මියගොස් ඇති බව පොලීසිය පවසනවා.

මේ සම්බන්ධයෙන් සන්දිවේලි පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

මේ අතර ඊයේ රාත්‍රියේ උයිලංකුලම තිරුකේදීෂ්වරම් පලාවි වැවේ දිය නෑමට ගිය දරුවෙකු දියේ ගිලී මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 09 හැවිරිදි වව්නියාව පුන්තොට්ටම් ප්‍රදේශයේ පදිංචිව සිටි දරුවෙක්.

උයිලංකුලම තිරුකේෂ්වරම් කෝවිලේ පවත්වනු ලබන උත්සවයක් නැරඹීම සඳහා පිරිසක් සමග පැමිණ දිය නෑමට ගොස් සිටියදී මෙම දරුවා දියේ ගිලි ඇති බව විමර්ශනවලදී අනාවරණයවී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් උයිලංකුලම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකකිරීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button