විදෙස්

අමෙරිකාවේ පාසල් සිසුවෙකුගෙන් පාසලට වෙඩි වරුසාවක්

අමෙරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ පාසලක සිදු වූ වෙඩි තැබීමකින් සිසුන් තිදෙනෙකු මියගොස් තිබෙනවා.

15 හැවිරිදි සිසුවෙකු විසින් අර්ධ ස්වයංක්‍රිය ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව වාර්තාවනවා.

වෙඩි ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 16ක පිරිමි ළමයෙකු සහ 14 හැවිරිදි සහ 17 හැවිරිදි ගැහැණු ළමුන් දෙදෙනෙකි.

විදෙස් වාර්තා සඳහන් කළේ, වෙඩි තැබීමෙන් තවත් පාසල් සිසුන්, ගුරුවරුන් ඇතුළු 08 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

ඉන් දෙදෙනෙකු සැත්කම් සඳහා යොමු කර ඇති බවද වාර්තාවනවා.

කෙසේවෙතත් වෙඩිතැබීම සිදුකළ 15 හැවිරිදි සැකකාර සිසුවා අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button