පොහොරවල හිඟයක් නැහැ – අමාත්‍ය මහින්ද අමරවීර

යුරියා ඇතුළු අනෙකුත් පොහොර වල හිඟයක් පවතින බවට ඇතැම් ගොවි සංවිධාන නියෝජිතයින් කරන ප්‍රකාශ වල කිසිදු සත්‍යතාවයක් නැති බව කෘෂිකර්ම හා වැවිලි අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
එහිදී අමාත්‍යවරයා පවසා ඇත්තේ, රටේ කිසිදු පොහොර හිඟයක් නැති බවයි.
දිවයිනේ සෑම ප්‍රදේශයකටම පොහොර සපයා ඇති අතර කිසියම් ප්‍රදේශයකට පොහොර ලැබී නැතිනම් වහාම කෘෂිකර්ම අමාත්‍යාංශයට දැනුම් දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍යවරයා ඉල්ලා තිබෙනවා.
එමෙන්ම පොහොර හිඟයක් පවතී නම් ඊට හේතුව හඳුනාගෙන කඩිනමින් පොහොර සැපයීමට හැකි බව අමාත්‍යවරයා සඳහන් කළා.
මෙවර මහ කන්නය සඳහා අවශ්‍ය තරම් පොහොර රාජ්‍ය අංශයේ පොහොර සමාගම් දෙක මගින් හා පෞද්ගලික අංශය මගින් සැපයීමට කටයුතු යොදා තිබෙන අතර රජය විසින් ගොවීන්ට පොහොර මිලදී ගැනීම සදහා හෙක්ටයාර් එකකට රුපියල් 15,000ක් බැගින් ගොවි ගිණුම් වලටම බැර කිරීමට කටයුතු යොදා ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.