අගමැති වෙනස් කිරීමේ සූදානමක් නැ- ප්‍රසන්න රණතුංග

විවිධ පුද්ගලයන් කුමක් කීවද අග්‍රාමාත්‍යවරයා වෙනස් කිරීමේ කිසිදු සූදානමක් නොමැති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.
වර්තමාන අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පරිනත දේශපාලනඥයකු බව ඔහු ක්‍රියාකලාපයෙන් තහවුරු කර ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කළා.
නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත්වූ තේනුක විදානගමගේ මහතා අද(12) රාජ්‍ය අමාත්‍ය ධුරයේ වැඩ බාරගැනීමේ අවස්ථාවට සහභාගීවීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා මේ බව කියාසිටියා.
රාජ්‍ය අමාත්‍යවරුන් පත්කළේ ව්‍යාවස්ථානුකූලව බවත් රාජ්‍ය අමාත්‍යවරුන්ට ලැබෙන්නේ මන්ත්‍රී වැටුපක් වන අතර ඔවුන්ට ලැබෙන වාහන ගණන පවා ඉතාම සීමිත බවද අමාත්‍යවරයා සඳහන් කළා.
එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා රාජ්‍ය අමාත්‍ය ධුරයක මීට සුලු වේලාවකට පෙර ජනාධිපතිවරයා ඉදිරියේ දී දිවුරුම් දුන්නා.ඒ වරාය හා ගුවන් සේවා කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙසටයි.