රෝහල්වල අත්‍යවශ්‍යම බෙහෙත් හිඟයක්

තැලසීමියා රෝගීන්ට දෙන ඖෂධ වර්ග ඇතුළු තවත් අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 300ක පමණ හිඟයක් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ සවස්තා දත්ත පද්ධතියෙන් අනාවරණයවී තිබෙනවා.
මෙම ඖෂධ වෛද්‍ය සැපයුම් අංශයේ හෝ රෝහල්වල නොමැති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය රෝහල් අධ්‍යක්ෂවරුන් වෙත මුදල්දී දේශීය මිලදී ගැනීම් යටතේ හිඟ ඖෂද ගැනීමේ වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක කර ඇති බවයි වාර්තාවන්නේ.
ඖෂධ හිඟය පිළිබඳ වාර්තාවක් වෛද්‍ය සැපයුම් අංශය, සෞඛ්‍ය ඇමැතිවරයාට මෙම සතියේදී ලබාදී ඇතත් ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් මෙතෙක් ගෙන නොමැති බව වෛද්‍ය සැපයුම් අංශ ආරංචි මාර්ග සඳහන් කළා.
කෙසේවෙතත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා සමග දේශීය ඖෂධ නිෂ්පාදකයන්ද මෙම සතියේ සාකච්ඡාවක් පවත්වා ඇතත්, ඵලදායී විසඳුමක් නොලැබුණු බවට දේශීය ඖෂධ නිෂ්පාදකයන් චෝදනා කර තිබෙනවා.
පවතින ඖෂධ හිඟය සම්බන්ධයෙන් වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී. විජේසූරිය මහතා සඳහන් කළේ, සෑම සතියකටම වරක් හිඟ ඖෂද සම්බන්ධ වාර්තාවක් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත භාර දෙන බවයි.
එම වාර්තාව පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යවරයා, සෞඛ්‍ය ලේකම්වරයා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සමාලෝචනයක් කර, අදාළ හිඟ ඖෂධ ගෙන්වා ගැනීමට කටයුතු කරන බවද වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී. විජේසූරිය මහතා වැඩිදුරටත් සඳහන් කළා.