ක්‍රීඩා

ආසියානු ක්‍රීඩා තරඟාවලියේ ජයග්‍රාහී කණ්ඩායම දිවයිනට

චීනයේ හැංජො හි පැවති 19 වන ආසියානු ක්‍රීඩා තරගාවලියට සහභාගී වී එයින් රන්, රිදී සහ ලෝකඩ පදක්කම් දිනූ ජයග්‍රාහිකයින් කණ්ඩායම ඊයේ (10) රාත්‍රියේ දිවයිනට පැමිණියා.

රන් පදක්කමක් සහ රිදී පදක්කමක් දිනා දිවයිනට පැමිණි තරුෂි කරුණාරත්න වෙත මෙහිදී වඩාත් අවධානයට ලක් වුණා.

වසර 21කට පසුව ශ්‍රී ලංකාවට ආසියානු ක්‍රීඩා උළෙලේදී රන් පදක්කමක් හිමිකරදීමට තරුෂි කරුණාරත්න සමත් වීම හේතුවෙන්.

ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 800 ඉසව්වට එක්වූ තරුෂි කරුණාරත්න එම ඉසව්ව මිනිත්තු 2:03.20කින් නිම කරමින් එහි රන් පදක්කම හිමිකරගත්තා.

මේ වනවිට, රත්නායක මධ්‍ය මහා විද්‍යාලයේ උසස්පෙළ හදාරමින් සිටින තරුෂි තමා ලැබු ජයග්‍රහණය මෙන්ම, අනාගත බලාපොරොත්තුව ගැනද අදහස් දැක්වූ ඇය,

“ගොඩක් සතුටුයි. බලාපොරොත්තුවෙන් හිටියේ ගෝල්ඩ් මෙඩල් එක ගන්න පුළුවන් වෙයි කියලා. ලොකු කැපකිරීමක් කළා. ඉදිරියේ දී ඔලිම්පික් තියෙනවා ලබන අවුරුද්දේ. ඔලිම්පික්වලට කොලිෆයි වෙන එක තමයි බලාපොරොත්තුව. මට ලොකු සහයෝගයක් ලැබුණේ අම්මාගෙන්, තාත්තාගෙන්, අයියාගෙන් සහ නංගිගෙන්. ඒ වගේම මගේ පුහුණුකරුගෙන් ඒ වගේම මගේ පාසල වළල්ලේ රත්නායක මධ්‍ය මහා විද්‍යාලයේ සියලුම ගරුවරු මම ආදරෙන් මතක් කරනවා. නැෂනල් ඔලිම්පික් කමිටුව, මළල ක්‍රීඩා සංගමය, ක්‍රීඩා අමාත්‍යාංශය ඒ හැම ආයතනයකින්ම මට ලොකු සහයෝගයක් ලැබුණා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button