කැනඩාවේ ඔත්තු බැලුවට චෝදනා එල්ලවූ විද්‍යාඥයන් දෙදෙනා සේවයෙන් ඉවත් කරලා

කැනඩාවේ ප්‍රකට විද්‍යාඥයන් දෙදෙනකු ඔත්තු බැලීමේ චෝදනා මත සේවයෙන් පහ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
සවුත් චයිනා මෝනිං පුවත් සේවය වාර්තා කළේ, ෂියැංගු කියු සහ කෙඩිං චෙං නමැති මෙම විද්‍යාඥයන් දෙදෙනා චීන ජාතික අඹුසැමියන් බවත්, ඔවුන් චීනයට ඔත්තු සැපයූ බව තහවුරුවූ බවයි.
කැනඩාවේ විනිපෙග් නුවර ජාතික ක්ෂුද්රජීව විද්‍යාගාරයේ සේවය කළ බව පවසන එම විද්‍යාඥයන් යුවළ කාලයක් පුරා චීනයට රහසිගත තොරතුරු සපයා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ඉබෝලා වැනි භයානක මානව හා සත්ව රෝග කාරක සම්බන්ධව පර්යේෂණ සිදු කරන එම විද්‍යාගාරය අධිආරක්ෂිත මධ්‍යස්ථානයක් බවයි වාර්තාවන්නේ.
එම විද්‍යාඥයන් දෙදෙනා කැනඩාවේ ආර්ථික හා ආරක්ෂාවට තර්ජනයක් බවට බලධාරීන් නිගමනය කර ඇති අතර, ඔවුන් සේවයෙන් පහ කිරීම සම්බන්ධව තොරතුරු ඉල්ලා විපක්ෂය දැඩි අරගලයක නිරතවීම හේතුවෙන් එම තොරතුරු අනාවරණය කිරීමට කැනේඩියානු රජය පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.