දේශීය

පාර්ලිමේන්තු වීඩියෝ කළ දෙදෙනා රිමාන්ඩ්

පාර්ලිමේන්තු අධි ආරක්ෂිත කලාපය වීඩියෝ ගතකළ පුද්ගලයින් දෙදෙනෙකු පාර්ලිමේන්තු කොට්ඨාස නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන සැකකරුවන් දෙදෙනාව තලංගම පොලීසිය වෙත භාර දී තිබෙනවා .

29 වනදා සවස් කාලයේ දී පාර්ලිමේන්තු අධි ආරක්ෂිත කලාපයට පාර්ලිමේන්තු පිට්ටනියේ රණවිරු ස්මාරකය අසලින් අනවසරයෙන් ඇතුළු වී සැකකරුවන් විසින් පාර්ලිමේන්තුව වීඩියෝ ගතකර ඇති බව සඳහන් .

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 22ත් 31ත් අතර පසුවන යාපනය හා කුරුඳුවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන්.

සැකකරුවන් ඊයේ (30) කඩුවෙල මහෙස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමෙන් පසු පෙබරවාරි 7 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button