දේශීය

දුමින්ද, ළහිරු ඇතුළු තිදෙනා තවදුරට​ත් රිමාන්ඩ්

විරෝධතාවයක් අතරතුර අත්අඩංගුවට ග​ත් දුමින්ද නාගමුව, ළහිරු වීරසේකර සහ රත්කරව්වේ ජිනරතන හිමි අප්‍රේල් මස 03 වනදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

එහි​දී නියෝගය නිකුත් කරනු ලැබු​වේ මෙ​ම සැකකරුවන් අද (27) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

පසුගිය 20 වනදා ජන අරගල ව්‍යාපාරය විසින් කොළඹ පැවැත්වූ විරෝධතාවය අතරතුර මෙම පිරි​ස අත්අඩංගුවට ගනු ලැබුවා.

භාණ්ඩ මිල ඉහළ යාම, විදෙස් ගිවිසුම් ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් මෙම් විරෝධතාව කොටුව දුම්‍රිය ස්ථානය අසලින් ආරම්භ කර තිබුණා.

Related:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button