දේශීය

වත්මන් අර්බුද හේතුවෙන් තේ කර්මාන්තයත් කඩා වැටේ

ඉන්ධන හිඟය හා විදුලි කප්පාදුව හේතුවෙන් මේ වනවිට තේ වතු හිමියන් මෙන්ම කර්මාන්තශාලා හිමියන් දැඩි අපහසුතාවයකට පත්ව ඇති බවට වාර්තා වෙනවා.

තේ දළු නෙලීමෙන් පසු ඒවා එදිනම කර්මාන්තශාලාවට ගෙනැවිත් නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භ කළ යුතු බවද එසේ නොහැකි වුවහොත් තේ දළුවල මැලවීමෙන් තේ වල රසය හා ගුණාත්මක භාවය අඩු වන බව සමස්ත ලංකා තේ කර්මාන්තශාලා හිමියන්ගේ සංගමයේ සභාපති ලයනල් හේරත් මහතා ප්‍රකාශ කර ඇත.

මේ දිනවල රුසියාවට සිදුකරන තේ අපනයනයටද බාධා එල්ල වී ඇති තතත්වය තුළ රසයේ හා ගුණාත්මකභාවයේ වෙනසක් සිදුවුවහොත් සෙසු රටවල් සඳහා අපනයනය කිරීමටද ගැටලු මතු විය හැකි බවටද සභාපතිවරයා ප්‍රකාශ කර ඇත.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button