සිසු සැරියට මුදල් ගෙවලා නෑ

පාසල් සිසුන් ප්‍රවාහන සේවාවෙන් ඉදිරියේදී ඉවත්වීමට සිදුවන බව සමස්ත ලංකා සිසු සැරිය පාසල් ප්‍රවාහන සැපයුම්කරුවන්ගේ සංගමය පවසනවා.
සිසු සැරිය සේවාව සඳහා ගෙවිය යුතු මුදල් වගකිව යුතු පාර්ශ්වය ලබා නොදීම හේතුවෙන් මෙම තීරණය ගැනීමට සිදුවී ඇති බව එම සංගමය සඳහන් කළා.
එම සංගමයේ සභාපති ඊ.එම්. මහින්ද ඒකනායක මහතා පැවසුවේ ආර්ථික අර්බුද හමුවේ මෙම කර්මාන්තයේ නියැළෙන තම සංගමයේ කිසිවෙකුට ජනවාරි සිට මාර්තු මාසවලට අයත් කිසිදු ගෙවීමක් සිදුකර නොමැති බවයි.
බස් රථ සඳහා දෛනිකව අවශ්‍ය කිසිදු අමතර පහසුකමකින් තොරව මෙම කර්මාන්තය සිදු කරන බවත් ධාවනය සඳහා අවශ්‍ය ඉන්ධන සඳහා ද මේ වන විට හිඟ මුදල් ගෙවීමට තිබෙන බවත් මෙවැනි අර්බුදයන් හේතුවෙන් තම කර්මාන්තය දැවැන්ත අර්බුදයකට ලක්ව ඇති බව ඔහු පැවසුවා.
තම සේවකයන්ට වැටුප් ගෙවීමට නොහැකි තත්ත්වයක් මතුව ඇති බවත් ඔවුන් ඉදිරියේදී සේවයට වාර්තා නොකළහොත් මේ කර්මාන්තය අකර්මණ්‍ය වනු ඇති බව වැඩිදුරටත් ප්‍රකාශ කළ අතර මේ සම්බන්ධයෙන් කිසිදු තීරණයක් අමාත්‍යංශය ගෙන නොමැති බව ත් එලෙස සේවාවෙන් ඉවත් වෙන බව කිසිවෙකු දන්වා නොමැති බවත් ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යංශ ලේකම් එම්.එම්.සී.කේ. මායාදුන්නේ මහතා ප්‍රකාශ කර සිටියා.