ජයශ්‍රීලාගේ දියමන්ති කතාව එළියට

ජය ශ්‍රී අයියා මලෝ නිර්මාණය කරපු අලුත්ම නිර්මාණය වෙන ‘මතුවෙන්න – The Diamond Story’ ගීතය මේ වෙද්දී ජය ශ්‍රී යූ ටියුබ් නාලිකාවෙන් නරඹන්න පුළුවන්. ලංකාවේ නම ජාත්‍යන්තරයට රැගෙන ගිය සංගීත කණ්ඩායමක් වෙන ජය ශ්‍රී හඬින් ගැයෙන මෙහි පද හා රූප රචනය සමන් අමුණුකන්ද, සංගීතය රැප්සිලා (සාරංග දිනේෂ්) නිර්මාණය කරලා තියෙනවා.
කාලෙකට පස්සේ නව නිර්මාණයක් තුළින් අපේකමේ අගය ගැන කතාකරන ජය ශ්‍රී ලා මේ ගීතයෙන් තාරුණ්‍යයට සිහිපත් කරලා දෙන්නේ දියමන්තියක් වගේ තමන්ගේ හැකියාවන් ඔප මට්ටම් කරගෙන මතුවෙන්න කියන එකයි.
‘නොවෙනස් බැඳීම් යළි මතුවන්නට
මතක සිහින අතරින්
කවදත් කොතැනත් රුවිත විඳින්නට
නොමැත කිසි භේදයක්
ජයපැන් බොන්නට
හිතවත් වෙන්නට
අනාගතය දකිනා
යහ මිනිසුන් මැද තුරුම්පු උතුරා ලොවම රසෙන් බැඳෙනා’
වෙනස්ම ආකාරයේ තේමාවකට අනුව නිර්මාණය වුණු මේ ගීතයේ රූපගත කිරීම් සිදුකරලා තියෙන්නේ ලංකාව පුරා තිබෙන සුන්දර හා ආකර්ශණීය තැන් ගණනාවකයි. දික්වැල්ල, හිරිකැටිය, නිලාවැල්ල, නිකවැරටිය හා යාපනය මේ අතරින් විශේෂයි.
අපිට මෙතෙක් කාලයක් දැකගන්නට ලැබුණේ ජය ශ්‍රී ලා ප්‍රසංග වේදිකාවේ ගායනා කරන ගීතයි. ඒ වෙනුවට වෙනස් අන්දමේ රූප රචනයකුත් එක්ක දකින්න ලැබෙන ‘මතුවෙන්න’ ගීතය අපේකම මුසුවුණු, ලාංකේය රසිකයින්ට වෙනස්ම අත්දැකීමක් එක්කරන ගීතයක් බවට පත්වෙලා තියෙනවා. ජයගන්න පුළුවන් තුරුම්පුවක් වගේ, නැත්නම්, ඩයමන්ඩ් එකක් වගේ තමන්නේ දක්ෂතා ඔපමට්ටම් කරගෙන තාරුණ්‍යයට නැගිටින්න කියන ඇරයුම තමයි ‘මතුවෙන්න’ ගීතය තුළින් කියන්නේ.
‘මතුවෙන්න – පණදෙන්න
රුවිතේ – විඳගන්න
ජයගන්න’