දේශීය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කථානායකට එරෙහි​ව තීරණයක් ගනී

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව විපක්ෂය ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාවට සහාය පළ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබෙනවා.

එහි​දී ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශ සැලකිල්ලට නොගනිමින් සමාජ මාධ්‍ය නියාමන පනත සම්මත කරගැනීමට කටයුතු කර ඇති බවට විපක්ෂය කථානායකවරයාට චෝදනා කරනු ලැබුවා.

ඒ අනුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහයෝගය දක්වමින් පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිවේදනය කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button