දේශීය

IMF දෙවන වාරිකයට අදාළ ගිවිසුම අත්සන් කිරීම අද

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් අද (26) පැවැත්වෙනවා.

මෙරටට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සහ මෙරට නියෝජිතයින් අතර විස්තීර්ණ ණය පහසුකම යටතේ වන සමාලෝචන සාකච්ඡා පසුගිය 14 වනදා ආරම්භ වුණා.

මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ, මෙම සමාලෝචන සාකච්ඡා මාලාවේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් වූ විස්තීර්ණ ණය පහසුකමෙහි දෙවන වාරිකය සුරක්ෂිත කිරීම, ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය පිළිබඳව විශ්වාසය ඉහළ නැංවීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුවූ බව බවයි.

සති 2කට ආසන්න කාලයක් පැවති සාකච්ඡා මාලාවේ අවසන් හමුව අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා.

ඉන් අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි ණය වාරිකය ශ්‍රී ලංකාවට ලබාගැනීම සම්බන්ධයෙන් ගිවිසුම අත්සන් කිරීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button