විශේෂාංග

ජවාන් චිත්‍රපටයේ ආදායම කෝටි 100 ආසන්නයේ

ජවාන් චිත්‍රපටය තිරගතවීම ආරම්භ කර දින 13ක් වන විට ඉන්දීය රුපියල් කෝටි 907.5 ක ආදායමක් ලබා ගැනීමට සමත්වී තිබෙනවා.

ඒ අනුව ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, ෂාරුක් ඛාන්ගේ ජවාන් චිත්‍රපටය ගෝලීයව උපයා ගත් ආදායම ඉන්දීය රුපියල් කෝටි 1000 කට ආසන්න වී ඇති බවත් ඉන්දියාව තුළ පමණක් ඉන්දීය රුපියල් කෝටි 500ක අදායමක් ලබා ඇති බවයි.

තිරගතවීම ආරම්භ කර දිනයේ ගෝලීයව වැඩිම අදායමක් ඉපැයූ හින්දි චිත්‍රපටය බවටද මෙම චිත්‍රපටය ඉතිහාසයට එක් වී තිබෙනවා.

ඒ අනුව වාර්තා වී ඇත්තේ, ජවාන් චිත්‍රපටය එක් දිනක් තුළ කෝටි 80ක ආදායමක් ලබා ගෙන තිබෙන බවත්, දිනක් තුළ වැඩිම ආදායමක් උපයා ගත් ඉන්දියානු චිත්‍රපටයද ජවාන් වන බවයි.

කෙසේවෙතත් විදෙස් මාධ්‍ය සඳහන් කර සිටින්නේ වාර්තා රාශියක් බිඳ දැමීමට ෂාරුක් ඛාන්ගේ ජවාන් චිත්‍රපටයට මේ වන විට හැකියාව ලැබී ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button