දේශීය

අත්‍යාවශ්‍ය භාණ්ඩ වර්ග කිහිපයක මිල පහළට

අත්‍යාවශ්‍ය භාණ්ඩ වර්ග 04ක මිල පහළ දැමීමට ලංකා සතොස ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ අනුව අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහත දමන අතර දිවයින පුරා ඇති සියලු ලංකා සතොස අලෙවිසැල් මගින් මෙම භාන්ඩ පාරිභෝගිකයින්ට ලබා ගත හැකි බවට දැනුම්දෙනවා.

මෙලෙස මිල පහළ දමා ඇත්තේ කිරිපිටි, වියළි මිරිස්, සුදු කැකුළු සහ සුදු සීනි යන භාණ්ඩවල බව ලංකා සතොස ආයතනය සදහන් කළා.

එමෙන්​ම අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිප​යේ මිල පහළ දැමීම අද (08) දින සිට ක්‍රියාත්මකවනවා.

ඒ අනුව LSL කිරිපිටි 400gක නව මිල රුපියල් 935.00, වියලි මිරිස් 1-Kg ක නව මිල රුපියල් 1,175.00, සුදු කැකුළු- 1Kgක නව මිල රුපියල් 195.00, සුදු සීනී1-Kg නව මිල රුපියල් 272.00 ලෙස සංශෝධනයවී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button