දේශීය
සීතා ඇතින්නට වෙඩි තැබූ පුද්ගලයා අත්අඩංගුවට

සීතා ඇතින්නට වෙඩි තැබූ නිලධාරියා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, මාපාකඩ වැව වනජීවී ප්‍රාදේශීය කාර්යාලයට අනියුක්තව සේවය කළ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරියකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කළා.
මහියංගණ පෙරහරට සහභාගී වීමට පැමිණ සිටි සීතා ඇතින්නට අද (30) අලුයම 03.30ට පමණ වනජීවී දෙපාර්තමේන්තුවට අනියුක්ත ව සේවය කරන සිවිල් ආරක්ෂක නිලධාරියකු විසින් වෙඩි තබා තිබුණා.
වන අලියකු යැයි සිතා මෙලෙස සීතා ඇතින්නට වෙඩි තබා ඇති බව සඳහන් වෙනවා.
වෙඩි වැදුණු ඇතින්නට මේ වන විට ප්‍රතිකාර සිදුකරන බවද වාර්තා වෙනවා.