විදෙස්

හජ් වන්දනාවට ගො​ස් මියගිය පිරිස ඉහළ​ට

මෙවර හජ් වන්දනා සමයේදී පුද්ගලයින් 1,301ක් මියගොස් ඇති බව සෞදි අරාබිය නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

මිය ගිය බහුතරය නීතිවිරෝධී ලෙස පැමිණි වන්දනාකරුවන් බවත් ඔවුන්ට දැඩි උණුසුම මධ්‍යයේ දීර්ඝ දුරක් ඇවිදීමට සිදුව තිබූ බවත් සඳහන් වනවා.

සමහර අවස්ථාවල උණුසුම සෙල්සියස් 50 ඉක්මවා තිබුණු බවයි වාර්තාවන්​නේ.

මියගොස් සිටි පුද්ගලයින්ගෙන් 75%කට පමණ හජ් වන්දනාව සඳහා නිල බලපත්‍ර තිබී නොමැති බවත් ඔවුන්ගෙන් බහුතරයක් මහලු විවිධ රෝගාබාධ සහිත අය බව ඔවුන් නිකුත් කළ නිවේදනයේ සඳහන්.

දැඩි උණුසුම හේතුවෙ​න් රෝගී වූ 500,000කට පමණ සෞඛ්‍ය අංශ ප්‍රතිකාර කර ඇති අතර ඉන් 140,000ක් පමණ පිරිසකට නිල බලපත්‍ර තිබී නැති බව වැඩිදුරටත් වාර්තා වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button