ක්‍රීඩා

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තරගය අද

2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තරගය අද (02) පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.

වන්කඩේ ක්‍රීඩාංගණයේදී තරගය පැවැත්වීමට නියමිත අතර, අවසන් වරට ශ්‍රී ලංකාව හා ඉන්දියාව වන්කඩේ ක්‍රීඩාංගණයේදී හමු වුණේ, 2011 ලෝක කුසලාන අවසන් මහා තරගයේදී.

මෙවර ලෝක කුසලාන තරග මාලාව තුළ අපරාජිත එකම කණ්ඩායම ලෙස ඉන්දියාව ශ්‍රී ලංකාව හා පිටියට පිවිසෙන අතර, ශ්‍රී ලංකාව දැනට ක්‍රීඩා කළ තරග 06න් ජයගෙන ඇත්තේ, තරග 02ක් පමණි.

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අවසන් වරට පැවති එක්දින තරග පහෙන් පහම ජයගෙන ඇත්තේ ඉන්දීය කණ්ඩායම වන අතර, ඊට දෙරට අතර පැවති ආසියානු කුසලාන අවසන් තරගයේදී ශ්‍රී ලංකාව ලද අමිහිරි පරාජයද ඇතුළත්වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button