නෙළුම් කුලුණේ ටිකට්පත ව්‍යාජ එකක්.

හෙට(15) මෙහෙයුම් කටයුතු ආරම්භ වීමට නියමිත නෙළුම් කුලුණ නැරඹීම සඳහා වන ප්‍රවේශ පත්‍රය වෙනුවට, ව්‍යාජ ප්‍රවේශ පත්‍රයක් සමාජයේ සංසරණය වන බව චීන තානාපති කාර්යාලය නිවේදනය කරනවා.
චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටින්නේ, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අදාල ප්‍රවේශ පත්‍රය ව්‍යාජ එකක් බවත්, එවැනි පුවත් සඳහා ප්‍රචාරයක් ලබාදීමට පෙර කරුණු විමසිමක් කර ගන්නා ලෙසයි.
කෙසේ නමුත් ඔවුන් වැඩිදුරටත් කියා සිටින්නේ, නෙලුම් කුලුණ සම්බන්ධයෙන් නොමිලේ කරන ලද ප්‍රචාරණය ගැන ස්තුතිවන්ත වන බවයි.
එසේ ම, හෙට සිට කුලුනට ගොස්, ටිකට් පතක් මිල දී ගෙන ඔබේ ම දෑසින් එය විඳ ගන්නැයි ද චීන තානාපති කාර්යාලය එම ට්විටර් පණිවිඩය මගින් කියා සිටිනවා.
හෙට සිට කෙලුම් කුලුණේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමත් සමඟ ඕනෑ ම අයෙකුට ප්‍රවේශ පත්‍රයක් ලබාගෙන මෙම අත්දැකීම විඳ ගත හැකි අතර ඒ සඳහා වන ප්‍රවේශ පත්‍රයක් රුපියල් 500ක් සහ රුපියල් 2000ක් වන අතර විදේශිකයෙකු විසින් එක්සත් ජනපද ඩොලර් 20ක ප්‍රවේශ පත්‍රයක් ලබාගත යුතුයි.