ජාතික පුෂ්පයේ ප්‍රශ්නය

මේ නිසා 2015 ජුනි මස අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව ජාතික පුෂ්පය ‘මානෙල් මල’ ලෙස වෙනස් කර ඇති බැවින් අමාත්‍යාංශය යටතේ ඇති ආයතන හා අනෙකුත් රාජ්‍ය ආයතන දැනුවත් කිරීමට ප්‍රමාණවත් තරම් ප්‍රචාරණයක් ලබාදීමට අමාත්‍යාංශය අපොහොසත් වී ඇති බැවින් ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය ‘නිල් මානෙල්’ ලෙස තවමත් බොහෝ අවස්ථාවල භාවිත වන බවද කාරක සභාව නිරීක්ෂණය කොට තිබේ.
මෙම කරුණු අන්තර්ගත වූයේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (COPA) සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා විසින් 20 මේ මස වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කෝපා කමිටුවේ නවවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභා වාරයේ පළමු වාර්තාවේය.
ජාතික පුෂ්පය පිළිබඳ පාසල්, රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන දැනුවත් කළ ද එය ප්‍රමාණවත් පරිදි සිදුවී නොමැති බවද කාරක සභාව විසින් නිරීක්ෂණය කොට තිබේ.
ඒ අනුව, ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය පිළිබඳව නිසිපරිදි ජනතාව දැනුවත් කළයුතු බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පරිසර අමාත්‍යාංශයට උපදෙස් ලබාදී තිබෙන අතර ජාතික අධ්‍යාපන ආයතනය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හා අනෙකුත් අදාළ ආයතන මෙන්ම පුවත්පත් දැන්වීම් හරහා ද නිසිපරිදි දැනුවත්කිරීම් සිදුකරන ලෙසද දන්වා තිබේ.