විදෙස්

සඳෙන් ඉඩමක් ගත් ඉන්දීය ව්‍යාපාරිකයා

ජම්මු නගරයේ ව්‍යාපාරිකයෙකු සහ අධ්‍යාපනඥයෙකු වන 49 හැවිරිදි රුපේෂ් මෑසන් සඳෙන් ඉඩම් කැබැල්ලක් මිලදී ගෙන ඇති බව හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබේ.

ඉන්දියාව පසුගිය 23වැනිදා චන්ද්‍රයාන් 3 මෙහෙයුම සාර්ථක කර ගැනීමත් සමඟයි.

රුපේෂ් මෙම ඉඩම් කැබැල්ල මිලදී ගෙන ඇත්තේ සඳෙහි ලේක් ඔෆ් හැපිනස් ලෙස හඳුන්වනු ලබන ප්‍රදේශයෙනි. ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව් යෝර්ක් නගරයේ පිහිටි ඉන්ටර්නැෂනල් ලූනාර් ලෑන්ඩ් රෙජිස්ට්‍රි වෙබ් අඩවිය ඔස්සේ රුපේෂ් මෙම ඉඩම් කැබැල්ල මිලදී ගෙන ඇති බවයි හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත පෙන්වා දෙන්නේ.

ඔහු මිලදී ගෙන ඇති ඉඩම් කැබැල්ල සඳහා ඔප්පුවක් සහ මිලදී ගත් ඉඩම් කැබැල්ලේ චන්ද්‍රිකා ඡායාරූපයක් ඉන්ටර්නැෂනල් ලූනාර් ලෑන්ඩ් රෙජිස්ට්‍රිය රුපේෂ්ට ලබා දී ඇති අතර මෙම මිලදී ගැනීම පසුගිය 25වැනිදා ඉන්ටර්නැෂනල් ලූනාර් ලෑන්ඩ් රෙජිස්ට්‍රිය තහවුරු කර තිබෙනවා.
සඳෙහි ඉඩම් කැබැල්ලක් මිලදී ගැනීම තුළින් තමන් වෙනස් අනාගතයක් සඳහා සූදානම් යැයි හැඟෙන බව රුපේෂ් පවසා තිබෙනවා. ලූනාර් ලෑන්ඩ් රෙජිස්ට්‍රිය සඳහන් කර ඇති පරිදි ගනුදෙනුකරුවන්ට අවම අක්කරයක සඳෙන් ඉඩම් කැබැල්ලක් මිලදී ගැනීමට හැකියාව පවතින අතර ඉඩම් මිලදී ගැනීමෙන් ලැබෙන මුදල් පුද්ගලික සඳ ගවේෂණය සඳහා යෙදවුනා.

කීර්තිමත් පුද්ගලයින් 675 ක් සහ හිටපු ජනාධිපතිවරුන් තිදෙනෙකු මේ වන විට සඳෙහි ඉඩම් මිලදී ගෙන තිබෙන බව රුපේෂ් පවසා තිබුනා. ලුනාර් ලෑන්ඩ් රෙජිස්ට්‍රිය තුළ ලේක් ඔෆ් හැපිනස් ලෙස හඳුන්වනු ලබන ප්‍රදේශයේ අක්කරයක් ඩොලර් 29.07 කට මිල කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button