විශේෂාංග
මේ වසරේ සිව්වන සහ අවසාන සුපිරි චන්ද්‍රයා අද දිස්වෙයි

මේ වසරේ සිව්වන සහ අවසාන සුපිරි චන්ද්‍රයා අද (29) දිස්වන බව තොරතුරු වාර්තා වෙනවා.
නාසා ආයතනය පවසන්නේ, සැප්තැම්බර් මාසයේ පූර්ණ චන්ද්‍රයා අද උදෑසන ආලෝකමත්වූ අතර චන්ද්‍රයා සෙනසුරාදා උදෑසන වන විට සම්පූර්ණයෙන්ම ආලෝකමත් වනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
සාමාන්‍ය පිළිගැනීම වන්නේ සුපිරි සඳක් හෙවත් Super Moon යනු පෘථිවියට සමීප වන පූර්ණ චන්ද්‍රයෙකු වන අතර එය අනෙක් චන්ද්‍රයන්ට වඩා රාත්‍රී අහසේ විශාල හා දීප්තිමත් ලෙස දිස් වීමයි.
මීට පෙර පෘථිවියේ සිට සැතපුම් 221,954 දුරින් සුපිරි චන්ද්‍රයා දිස් වූයේ අගෝස්තු 30 වනදායි.
NASA ආයතනය වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ, සැප්තැම්බර් මාසයේ අද පායන පූර්ණ චන්ද්‍රයා සාමාන්‍ය පූර්ණ චන්ද්‍රයාට වඩා 5%ක් විශාල සහ 13%ක් දීප්තියෙන් දිස්වනු ඇති බවයි.