දේශීය
නොරොච්චෝලේ පළමු ජනන යන්ත්‍රය යළි සූදානම්.

හදිසියේ අක්‍රිය වු නොරොච්චෝලේ තාප බලාගාරයේ පළමු ජනන යන්ත්‍රය ලබන සදුදා සිට යලි ජාතික පද්ධතිය හා එක් කළ හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.
එහි මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෘ නවමුනි කියා සිටියේ, ඒ අනුව මෙගාවොට් 300ක විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට යළි එක්වන බවය.
පළමු ජනන යන්ත්‍රය සහ දෙවන ජනන යන්ත්‍රය අලුත්වැඩියාවක් හේතුවෙන් නවතා දැමීම හේතුවෙන් පසුගිය 15 වනදා සිට මේ දක්වා දිනකට පැය 3ක කාලයක් විදුලි කප්පාදු කෙරෙනවා.
මේ අතර ජල විදුලි උත්පාදනය මේ වනවිට 50% ක් බව විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කළා.