දේශීය

‘අතිගරු’ කියා ඇමතුවාට ජනපති පැනවූ දඩය

ජර්මනියේ පැවැත්වෙන BERLIN GLOBAL DIALOGUE සැසියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශනයට පෙර සිදුවූ සුවිශේෂී සිදුවීමක් වෙත මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.

එහිදී DW ප්‍රවෘත්ති සේවයේ නිවේදිකා Christine Mhundwa කළ ප්‍රකාශයක් සහ ඊට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැක්වූ ප්‍රතිචාරය වෙත මෙලෙස අවධානය යොමුව තිබෙනවා.

එහිදී නිවේදිකා Christine Mhundwa  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දේශනයට ආරධානා කිරීමට පෙර මෙලෙස පවසා තිබෙනවා.

“මම ඔබ සැමට කියන්න කැමතියි. අද අපිට විශේෂ අමුත්තෙක් පැමිණ සිටිනවා. ඒ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා අද මෙහි පැමිණ සිටිනවා. මම කරන්න යන්නේ ඔහු අකමැති දෙයක්. ඔහු තමන්ගේ රට තුළ එලෙස කරන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ අතිගරු ජනාධිපතිතුමනි කියා ඔහු ඇමතීමයි. අත්පොළොසන්දී පිළිගන්න දැන් ඔහු වේදිකාවට පැමිණෙනවා. අපි සතුටින් පිළිගන්නවා. ජනපතිතුමනි ඔබටයි මේ වේදිකාව.”

එහිදී ඇයට  ප්‍රතිචාර දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

“මට අතිගරු ජනාධිපතිතුමා කියා ඇමතුවාට මම ඔබට තව මිනිත්තු කිහිපයකින් දඩයක් පනවන්න හදන්නේ.”

මෙම දේශනයේදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවේ චීනය සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා සුබවාදී මට්ටමක පවතින බවයි.

දැනට පවතින ජාත්‍යන්තර මූල්‍ය ක්‍රමවේදයන්ට අනුව ණය ප්‍රතිව්‍යුහගත කිරීම වඩාත් සංකීර්ණ වී ඇති බවද ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button