විදෙස්

ලංකාවට සිදුවුන දේට තමිල්නාඩුවේ DMK පක්ෂයටත් දුක හිතෙයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ DMK පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තම මාසයක වැටුප ශ්‍රී ලංකාව වෙනුවෙන් පරිත්‍යාග කරන බවට එම පක්ශය නිවේදනය කර තිබෙනවා.

පවතින ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාව වෙත එම පක්ෂය විසින් රුපියල් කෝටියක ආධාරයක් ලබාදෙන බවට ප්‍රකාශ කර තිබියදීත් DMK පක්ෂයේ සභාපති සහ තමිල්නාඩු මහ ඇමති වන එම් කේ ස්ටාලින් විසින් කරන ලද ආයාචනයකින් පසුව අදාළ මන්ත්‍රීවරු පිරිස විසින් මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව ලෝක් සභා සහ රාජ්‍ය සභා නියෝජනය කරන DMK පක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් මෙම තීරණයට එකඟ වී ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකාවට සහය ලබාදීම සඳහා ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමති එම් කේ ස්ටාලින් මහතා විසින් පිහිටුවනු ලැබූ සහන අරමුදලට එම මූල්‍ය පරිත්‍යාගයන් ද එක්කෙරෙනු ඇති.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button