දේශීය

අද මධ්‍යම රාත්‍රියේ සිට තෙල් බෙදීම නවතී

ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය අද මධ්‍යම රාත්‍රියේ සිට තෙල් ප්‍රවාහන කටයුතු වලින් ඉවත් වන බවට දැනුම් දී තිබෙනවා

අවම වශයෙන් 60%ක ප්‍රවාහන ගාස්තු වැඩි කිරීමක් ඉල්ලා ඔවුන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඊයේ (14) දින ලිපියක් යොමු කර තිබෙනවා.

එයට ප්‍රතිචාර ලෙස ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසා ඇත්තේ ඩීසල් මිල වැඩිවීම පමණක් සලකා බලන බවය. නමුත් ඩීසල් මිල වැඩිවීම සමග ඩොලරයේ වැඩිවීමද සලකා බලන ලෙස පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය ඉල්ලා තිබෙනවා.

මෙරට ඛනිජ තෙල් ප්‍රවාහනයේ 80%ක පමණ ප්‍රමාණයක් සිදු කරනු ලබන්නේ පෞද්ගලික ටැංකි රථ හිමියන් විසිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button