දේශීය

ව්‍යාජ දළඳා මාළිගයේ පත්තිරිප්පු කොටස ඉවත් කෙරේ

කුරුණෑගල, පොතුහැර ඉදිකර ඇති බව පැවසෙන ව්‍යාජ දළඳා මාළිගයේ පත්තිරිප්පු කොටස ඉවත් කිරීම අද (08) පෙරවරුවේ ආරම්භ කර තිබෙනවා .

පොලීසිය පැවසුවේ එහි භාරකරුවන් විසින් අද උදෑසන එම ඉවත් කිරීම් ආරම්භ කර ඇති බවයි .

මෙම ව්‍යාජ දළඳා මාළිගය සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වයක් නිර්මාණය වී තිබූ අතර ඒ පිළිබඳ විමර්ශනයක් සිදුකරන ලෙස අස්ගිරි මල්වතු මහානායක හිමිවරුන් ඇතුළු පාර්ශ්ව රැසක්ම රජයෙන් ඉල්ලීම් සිදුකර තිබුණා .

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button