විදෙස්

නේපාලයේ ගං වතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළට

නේපාලයට බලපා ඇති අයහපත් කාලගුණයෙන් සිදුවූ මරණ ගණන 150 ඉක්මවා ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ගංගාවල ජල මට්ටම පහත වැටී ඇති අතර, ඇතැම් කලාපවල ජලගැලීම් පහව ගොස් ඇති බවයි.

අධික වැසි හමුවේ සිදුවූ නායයාම්වලින් සහ ජලගැලීම්වලින් අතුරුදන්වූවන් ගණන 60කට අධික බව විදෙස් මාධ්‍ය පවසනවා.

එමෙන්ම අයහපත් කාලගුණය නොතකා නායයාම්වලින් අතුරුදන්වූවන් සෙවීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මකව පවතින බව සඳහන්.

කත්මණ්ඩු අගනගරය ආසන්නයෙන් ගලාබසින බාග්මතී ගංගාව ඇතුළු ගංගා රැසක් අධික වර්ෂාපතනය හමුවේ පිටාර ගොස් තිබෙනවා.

හිමාලයානු කලාපයට පතිත වූ අඟල් 12.7ක් ඉක්මවූ වැසි හේතුවෙන් එම ගංගාවේ ජල මට්ටම අඩි 7කින් පමණ ඉහළ ගොස් ඇති බවයි වාර්තාවන්නේ.

කෙසේ නමුත් මේ වනවිට ජල මට්ටම ක්‍රමයෙන් පහත වැටෙමින් පවතින අතර හිමාල කඳුවැටිය ආශ්‍රිත රටවලට මේ දිනවල අධික වැසි තත්ත්වයක් බලපා ඇති බැවින්  කලාපීය ගංගා රැසක් පිටාර මට්ටමට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඒ අනුව උතුරු ඉන්දියාවටත් ජලගැලීම් ආපදා බලපා ඇති බව වැඩිදුරටත් වාර්තාවනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button