දේශීය
තෙවැනි පාසල් වාරය අවසන් වන දිනය ප්‍රකාශයට පත් කෙරේ

2023 තෙවැනි පාසල් වාරයේ පළමු අදියර දෙසැම්බර් මස 22 වැනි දිනෙන් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.
ඒ අනුව අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කර තිබෙන්නේ, තෙවැනි පාසල් වාරයේ දෙවැනි අදියර සඳහා රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් පෙබරවාරි මස 02 වැනි දින ආරම්භ වන බවයි.
2023 වසරේ තෙවැනි පාසල් වාරයේ පළමු අදියර නොවැම්බර් මස 01 වැනිදා ආරම්භ වුණා.
2023 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය 2024 ජනවාරි මස 04 වැනි දින සිට පැවැත්වීමට නියමිතව ඇති බවද වාර්තාවනවා.