දේශීය

කර්නල්ගේ මෝසම කර්නල්ම ඉල්ලා අස්කර ගනී

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම කල්දමන ලෙස ඉල්ලා ගොනුකර ඇති රීට් පෙත්සම මෝසමක් මාර්ගයෙන් කඩිනමින් කැඳවීමට අවශ්‍ය නොවන බව පෙත්සම්කාර පාර්ශ්වයේ නීතීඥවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද (20) දැනුම් දී තිබෙනවා.

පෙබරවාරි 23 වනදා කැඳවීමට නියමිතව තිබුණු මෙම පෙත්සම මෝසමක් මගින් කඩිනමින් කැඳවීමට ඉල්ලා සිටියේ පෙබරවාරි 22, 23, 24 යන දිනයන්හි පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම සිදුකිරීමට නියමිතව තිබුණු නිසා බවත් මේ වනවිට එම තැපැල් ඡන්ද විමසීම කල්දමා ඇති බැවින් පෙත්සම කලින් කැඳවීමේ අවශ්‍යතාවක් නොමැති බවත් පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇත.

ඒ අනුව, පෙත්සම පෙර නියම කළ පරිදි 23 වනදාම කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇති බව වාර්තා වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button