දේශීය

චීන නෞකාවට මෙරට මුහුදු සීමාවට ඇතුළුවීමට අවසර දී නැහැ – ඇමති අලි සබ්‍රි

චීනයට අයත් ෂි යෑන් 6 – පර්යේෂණ නෞකාවට ලබන මාසයේ මෙරටට පැමිණිමට අවසර දී නැතැයි,  විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා පවසනවා.

ඉන්දීය මාධ්‍ය මේ බව වාර්තා කළේ, විදෙස් පුවත් සේවයක් සමග ඊයේ (25) අමාත්‍යවරයා පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක් උපුටා දක්වමින්.

ආරක්ෂාව පිළිබඳ ඉන්දියාවේ සැලකිලිමත්භාවය , ශ්‍රී ලංකාවටද වැදගත් කරුණක් බව විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා මෙහිදී අවධාරණය කර තිබුණා.

ඔහු පෙන්වා දී ඇත්තේ, ඉන්දියාව ඇතුළු මිතුරන්ගේ එකඟත්වයෙන් සකස් කළ සම්මත මෙහෙයුම් ක්‍රියාපටිපාටියට අනුකූල නාවික කටයුතු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට කිසිදු ගැටලුවක් නොමැති බවයි.

ඉන්දියාව දැඩි අවධානයකින් පසුවන මෙම ෂී යෑන් සික්ස් නෞකාව පසුගිය 20 වැනිදා ඉන්දීය සාගර කලාපයට ඇතුළු වුණා.

චීන මාධ්‍ය වාර්තා කළේ, මෙම පර්යේෂණ නෞකාවට නාවික සැතපුම් 12,000 කට වඩා වැඩි පරාසයක් මුහුදු කාපයක පර්යේෂණ සිදු කිරීමේ හැකියාව ඇති බවයි.

නෞකාවෙන් ඉන්දීය සාගරයේ බහුවිධ නිරීක්ෂණ සිදුකරන බව ගවේෂණයේ ප්‍රධාන විද්‍යාඥ වැන්ග් වෙයිකිං චීන මාධ්‍ය වෙත පවසා තිබුණා.

නාවික හමුදාව මීට පෙර ප්‍රකාශ කළේ, ෂියෑන් සික්ස් නෞකාව ඔක්තෝබර් 25 වැනිදා ශ්‍රී ලංකා මුහුද වෙත පැමිණෙන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button