කලා

Home Alone හි රඟපෑ ට්‍රම්ප්ට එල්ල වුණ චෝදනාව

Home Alone 2: Lost in New York චිත්‍රපටයේ අධ්‍යක්ෂ ක්‍රිස් කොලම්බස් විසින් අමෙරිකා හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එල්ල කර ඇති චෝදනාව ට්‍රම්ප් විසින් ඉතා කෝපයෙන් ප්‍රතික්ෂේප කර ඇති බව බීබීසී පුවත් සේවය වාර්තා කරනවා.

එවකට හිටපු ජනාධිපතිවරයා 1992 පටිගත කළ මෙම චිත්‍රපටයේ ඔහුට අයත්ව තිබූ ප්ලාසා හෝටලයේ රූගත කරන ලද දර්ශනයකදී කෙටි දර්ශන පෙලකට පෙනී සිටියා.

අධ්‍යක්ෂ ක්‍රිස් කොලම්බස් පැවසුවේ ඔවුන් හෝටලය චිත්‍රපටයේ ස්ථානයක් ලෙස භාවිතා කරන්නේ නම් චිත්‍රපටයේ පෙනී සිටීමට අවස්ථාවක් දිය යුතු ලෙසට ට්‍රම්ප් දැඩිව අවධාරනය කළ බවයි.

නමුත් එහි​දී ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ, චිත්‍රපට නිෂ්පාදකයින් තමාට පෙනී සිටින ලෙස ඉල්ලීම​ක් කර සිටි බවයි.

ඒ පිළිබඳ ට්‍රම්ප් ජනාධිපති සටහනක් තබමින් සඳහන් කළේ,

“මම ඉතා කාර්යබහුල වූ අතර එය කිරීමට අවශ්‍ය නොවීය. නමුත් ඔවුන් ඉතා හොඳින් මේ ඉල්ලීම මට ඉදිරිපත් කළා, මම එකඟ වුණා, ඉතිරිය ඉතිහාසගතයි! චිත්‍රපටිය විශාල සාර්ථකත්වයක් ලැබුවා. තාමත් එහෙමයි, විශේෂයෙන්ම නත්තල් කාලෙට, එය විකාශය වන සෑම විටම මිනිසුන් මට කතා කරයි” “ඔවුන්ට හිරිහැරයක් දැනුනා නම් හෝ මාව එපා නම්, ඔවුන් මාව අවුරුදු 30 කට වැඩි කාලයක් තුළ අදාළ දර්ශවල මා තබා ගත්තේ ඇයි?” යනුවෙනි.

කෙසේවෙත​ත් මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂ ක්‍රිස් කොලම්බස් සම්මුඛ සාකච්ඡාවකදී සිදු කළ අදහසකදී මෙලෙස යළි කරලියට පැමිණ තිබෙන බවයි සඳහන්වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button