දේශීය

නිපා වෛරසය හඳුනාගැනීමට අවශ්‍ය පරීක්ෂණ කට්ටල ඇණවුම් කරයි

ඉන්දියාව ඇතුලු රටවල් කිහිපයකින් වාර්තාවී ඇති ‘නිපා’ වෛරසය හඳුනා ගැනීමේ විශේෂිත පරික්ෂණ කට්ටල මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

ඕනෑම අවදානම් තත්ත්වයකට මුහුණදීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය සහිත නිපා වෛරසය හඳුනාගැනීමට අවශ්‍ය විශේෂිත පරීක්ෂණ කට්ටල ඇණවුම් කර ඇති අතර ඒවා දින කිහිපයකින් මෙරටට ලැබීමට නියමිත බව සඳහන් වනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වෛරස් විද්‍යා විශේෂඥ වෛද්‍ය ජානකි අබේනායක මහත්මිය සඳහන් කළේ, නිපා වෛරසය ආසාදිත රෝගීන් සඳහා විශේෂිත ප්‍රතිකාර ක්‍රමයක් හෝ එන්නතක් ගෝලීයව මෙතෙක් නිෂ්පාදනයවී නොමැති බවයි.

මේ අතර, “නිපා” වෛරසයෙන් මෙරටට බලපෑමක් නොමැති බවත් ඉන් අනියත බියක් ඇති නොකර ගතයුතු  බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා.

“නිපා” වෛරසය පිළිබදව ජනතාව දැනුවත් කිරිම සදහා ඊයේ (21) දින පස්වරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙම අදහස් පළ කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button