දේශීය

ශ්‍රී ලංකන් කොටස් විකිණීමට අද සිට ටෙන්ඩර් කැඳවයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කොටස් විකිණීම සදහා ටෙන්ඩර් කැදවීම අද (31) ආරම්භ කරන බව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා.

ඒ අනුව අද සිට දින 45ක කාලයක් මෙම ටෙන්ඩර් කැදවීම සිදු කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කොටස් මිලදී ගැනීමට අදාළ වැඩසටහන අධියර දෙකක් යටතේ ක්‍රියාත්මක අතර දේශීය මෙන්ම අන්තර්ජාතික සමාගම් සදහා ටෙන්ඩර් ඉදිරිපත් කිරීමේ හැකියාව පවතිනවා.

දශක 4ක් පුරා ශ්‍රී ලංකන් ගුවන් සමාගම රජයේ සමාගමක් ලෙසින් සිය සේවා කටයුතු පවත්වාගෙන යනු ලබනවා.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසන්නේ, මෙම ටෙන්ඩර් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය අවසන්වූ පසු අදාළ ක්‍රියාවලිය සදහා සුදුසු සමාගම් තෝරා ගැනීමට කටයුතු කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button