ලොවපුරා පරිශීලකයින් රැසකට තාක්ෂණික දෝෂයක්

Microsoft Windows භාවිතා කරන ලොවපුරා පරිශීලකයින් රැසකගේ Blue Screen of Death (BSOD) දෝෂය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව මෙම දෝෂය හේතුවෙන් ලොව පුරා සමාගම්, බැංකු සහ රජයේ කාර්යාල කිහිපයකට බලපෑම් එල්ලවී ඇති බවයි වාර්තා වන්නේ.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් Microsoft සමාගම සඳහන් කළේ, මෑත කාලීනව CrowdStrike හි සිදුකළ යාවත්කාලීන කිරීමක් හේතුවෙන් මෙම දෝෂය හටගෙන ඇති බවයි.
මේ හේතුවෙන් ලොව පුරා ගුවන් සේවා සහ බැංකු ඇතුලු ප්‍රධාන පෙළේ ක්‍ෂේත්‍රවලට බලපාන ප්‍රබල තොරතුරු තාක්ෂණ බිඳ වැටීම් සිදුවී තිබෙනවා.
මෙම බිඳ වැටීම් හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ ගුවන් සේවා සහ ගුවන් තොටුපල ආශ්‍රිතව තාක්ෂණ ගැටළු වාර්තා වී ඇති අතර, බොහෝ ගුවන් ගමන් නවතා දමා ඇති බවයි වාර්තාවන්නේ.
බිඳ වැටීම් යථා තත්වයට පත් කිරීමේදී යම් අපහසුතාවක් පවතින බව මයික්‍රොසොෆ්ට් සමාගම පැහැදිලි කර තිබෙනවා.
බ්‍රිතාන්‍යය, ඕස්ට්‍රේලියාව ඇතුලු රටවල් කිහිපයකින් මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී ඇති අතර, ලන්ඩන් කොටස් වෙළඳපොලටද මේ හේතුවෙන් බලපෑම් එල්ලවී ඇති බව වැඩිදුරටත් සඳහන්.
