දේශීය

ජෝසප් ස්ටාලින් නිදහස් කරන ලෙස ඉල්ලා ගුරුවරු අද විරෝධතාවයේ

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා නිදහස් කරන ලෙස ඉල්ලා අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ සියලු පාර්ශව අද (08) දිනයේ විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කර ඇති බව සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය පවසනවා.

පාසල් අවසන් වු පසු පස්වරු 2.30ට කොළඹ ලිප්ටන් වටරවුමේදි විරෝධතාව සංවිධානය කර ඇති බවයි කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති පුජ්‍ය යල්වෙල පඤ්ඤාසේකර හිමි සඳහන් කරන්නේ.

මේ අතර, අදින් ආරම්භ වන සතියේදීත් රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් දින තුනක් පැවැත් වේ. ඒ අනුව අද, හෙට සහ අනිද්දා යන තෙදින තුළ පාසල් පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරනවා.

පසුගිය සති කිහිපය තුළ සඳුදා, අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා යන දිනවලදී පාසල් පැවැත්වුණි. එම සතියේ බ්‍රහස්පතින්දා දිනය පොහොය නිවාඩු දිනයක් වන බැවින් අධ්‍යයන කටයුතු සඳුදා, අඟහරුවාදා සහ බදාදා යන දිනවලදී පමණක් පැවැත්වෙන අතර සිකුරාදා දිනය ද නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

එහෙත්, සිකුරාදා දිනයේ දි ඔන්ලයින් ක්‍රමවේදය යටතේ ඉගෙනුම්, ඉගැන්වීම් ක්‍රියාවලිය සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button