දේශීය

මෙරට ප්‍රථම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදිකා සුමනා නෙල්ලම්පිටිය අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රථම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදිකාව වූ සුමනා නෙල්ලම්පිටිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඇය අභාවප්‍රාප්ත වන විට 80 වියෙහි පසුවුණා.

සිය මාධ්‍ය දිවිය ආරම්භ කිරීමට පෙර ගුවන් හමුදා නිලධාරිනියක ලෙස සුමනා නෙල්ලම්පිටිය රාජකාරි කර තිබුණා.

පොල් ගඕ විට, සිරිපති විද්‍යාලයෙන් ඇය ප්‍රාථමික අධ්‍යාපනය ලබා ඇති ඇය උසස් අධ්‍යාපනය ලබා ගැනීම සඳහා කැස්බෑවේ හර්මන් මයිනන් විද්‍යාලය වෙත ඇතුළත් වී තිබුණා.

වර්ෂ 1962 ජූලි 01 වැනිදා ඇය ගුවන් විදුලියට එක්වූයේ සහය නිවේදිකාවක් ලෙසයි.

වෙළෙඳ සේවයේ සම්බන්ධතා මැදිරි නිවේදිකාවක් ලෙස මුළින්ම හඬ අවධි කළ ඇය ස්ථිර නිවේදිකාවක් ලෙසින් ගුවන්විදුලිය තුළ පසුකාලීනව ස්ථාවර වූණා.

ඇය නිවේදන කටයුතු කළ “පිබිදෙන ගායක පරපුර”, “ෆොරෑන්ස් වාසනා හත”, “ඕවල්ටීන් පැනපොඩි”, සිනමා ප්‍රවර්ධන වැඩසටහන් සහ “රේඩියෝ සඟරාව” එකළ වඩාත් ජනප්‍රිය ගුවන්විදුලි වැඩසටහන් අතර වූ බව රහසක් නොවේ.

එකළ රජයට පවරාගත් ස්වාධීන රූපවාහිනියේත් , ජාතික රූපවාහිනියේත් පළමු ප්‍රවෘත්ති නිවේදිකාව ලෙසින් ජීවමාන පුරාවෘත්තයන් අතරට එක් වූ ඇය, මෑතකදී ලක්හඬ ගුවන්විදුලියෙහි ඉදිරිපත් කළ “හෙවනට එන්න ” වැඩසටහනින් ද රසික සිත් සෙනෙහසින් ආමන්ත්‍රණය කරන්නට ඇය යළිත් සමත් වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button