ශ්‍රීලනිප දේශපාලන මණ්ඩලය රැස්වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන මණ්ඩල රැස්වීමක් අද (08) මේ වනවිට රැස්ව තිබෙනවා.
කොළඹ පදනම් ආයතනයේදී පැවැත්වෙන එම රැස්වීම කැඳවා ඇත්තේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා විසින්.
එහිදී ඉදිරි දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් තීන්දු තීරණ රැසක් ගැනීමට නියමිතයි.
එම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපතිනි, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියද එක්ව තිබෙනවා.
එමෙන්ම පක්ෂය තුළ මතුව ඇති අර්බුද සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කෙරෙනු ඇති.
කෙසේවෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාරථි දුෂ්මන්ත මිත්‍රපාල මහතා නිමල් සිරිපාල ද සිල්වා මහතා වෙත ලිපියක් යොමු කරමින් පෙන්වා දෙන්නේ, ඔහු කැඳවා ඇති දේශපාලන මණ්ඩල රැස්වීම නීති විරෝධි බවයි.
ඒ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවද ලේකම්වරයා සිය ලිපියෙන් පෙන්වාදී තිබෙනවා.
කෙසේ වෙතත් අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පැවසුවේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන මණ්ඩල රැස්වීම අද පැවැත්වෙන බවයි.