ක්‍රීඩා
ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ – නායකත්වයෙත් වෙනසක්

ශ්‍රී ලංකා හා ඉන්දියාව අතර පැවැත්වෙන තරඟ තුනකින් සමන්විත එක්දින තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.
ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විත ඒ සංචිතය සඳහා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ අනුමැතිය හිමිවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.
දෙරට අතර, තරඟ තුනකින් සමන්විත එක්දින තරඟාවලිය අගෝස්තු 2,4 සහ 7 වන දා යන දිනවලදී කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.
ශ්‍රී ලංකා සංචිතය පහතින්,
චරිත් අසලංක (නායක)
පැතුම් නිශ්ශංක
අවිශ්ක ප්‍රනාන්දු
කුසල් මෙන්ඩිස්
සදීර සමරවික්‍රම
කමිඳු මෙන්ඩිස්
ජනිත් ලියනගේ
නිශාන් මදුෂ්ක
වනිඳු හසරංග
දුනිත් වෙල්ලාලගේ
චාමික කරුණාරත්න
මහීෂ් තීක්ෂණ
අකිල ධනංජය
දිල්ෂාන් මදුශංක
මතීෂ පතිරණ
අසිත ප්‍රනාන්දු