ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව මාධ්‍ය අධ්‍යක්ෂවරයෙක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හයවන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මාධ්‍ය අධ්‍යක්ෂ ලෙස ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ප්‍රභාත් මාතරගේ මහතා පත් කර තිබෙනවා.
මේවන විට ප්‍රභාත් මාතරගේ මහතා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මාධ්‍ය අධ්‍යක්ෂවරයාද වනවා.
ඔහු ප්‍රවෘත්ති කර්තෘවරයෙකු ලෙසත් ජංගම දුරකතන කෙටි පණිවුඩ පුවත් සේවා මෙහෙයවීම, ඩිජිටල් මාධ්‍ය මෙහෙයුම් සහ වෙබ් සංස්කාරකවරයෙකු ලෙසත් කටයුතු කර තිබෙනවා.
එමෙන්ම ඔහු ජනාධිපති කාර්යාලය ඇතුළු පෞද්ගලික ඩිජිටල් මාධ්‍ය ආයතන රැසකද තනතුරු හොබවා ඇති අතර අත්දැකීම් බහුල, පළපුරුදු සහ පරිණත මාධ්‍ය පරිපාලකයෙක්.
ප්‍රභාත් මාතරගේ මහතා කොළඹ විශ්ව විද්‍යාලයෙන් සිය උසස් අධ්‍යාපන හදරා ඇති අතර පරිගණක විද්‍යාව සහ විද්‍යුත් මාධ්‍ය කළමණාකරණය පිළිබඳ ඩිප්ලෝමාධාරියෙක්ද වනවා.
ඔහු හෝමාගම මහා විද්‍යාලය, හෝමාගම මධ්‍ය මහා විද්‍යාලය සහ හොරණ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් බවද සඳහන්.