දේශීය

ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කෙරේ

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 05ක් අඩි 04 බැගින් විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අධ්‍යක්ෂ එස්.පි.සී.සුගීෂ්වර මහතා පැවසුවා.

උඩවලව ජලාශයේද වාන් දොරටු පහක් අඩිය බැගින් විවෘත කර තිබෙනවා.

ඒ හේතුවෙන් එම ජලාශ ආශ්‍රිතව වෙසෙන ජනතාව ඒ පිළිබඳ දැඩි අවධානයෙන් පසුවිය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා.

මේ අතර, වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, අත්තනුගල ඔය සහ නිල්වලා ගංගා ද්‍රෝණි සඳහා පනවා තිබු ගංවතුර අනතුරු ඇඟවීම් නිවේදන තවදුරටත් බලපැවැත්වෙන බවයි.

මේ හේතුවෙන් එම ගංගා ආශ්‍රිත පහත්බිම්වල වෙසෙන ජනතාව ඒ පිළිබඳ විමසිල්ලෙන් පසුවිය යුතු බව එස්.පි.සී.සුගීෂ්වර මහතා අවධාරණය කර තිබුණා.

මේ අතර, පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේද කුඩා, මධ්‍ය හා මහා පරිමාණ වැව් රාශියක්ම පිටාර ගොස් ඇති බව වාර්තා වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button