දේශීය

ලංගම සේවකයින් ධාවනයෙන් ඉවත්වෙයි

වැටුප් විෂමතාවක් මුල් කර ගනිමින් දිවයිනේ ප්‍රදේශ රැසක ශ්‍රී ලංගම ඩිපෝ සේවකයින් බස් ධාවනයෙන් ඉවත් වී වර්ජනයක් ආරම්භ කර තිබෙන බවට වාර්තා වෙනවා.

ශ්‍රී ලංගම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය දියත් කර ඇති මෙම වර්ජනයට බස් රථ රියදුරන්, සහයකවරුන් සහ ඩිපෝ නිලධාරින් ඇතුළත් වේ.

මෙම වර්ජනය සබරගමුව පළාත තුල සහ හෝමාගම, මහරගම, කටුබැද්ද, මීතොටමුල්ල ඇතුළු කොළඹ දිස්ත්‍රික්කයේ ඩිපෝ රැසකද ක්‍රියාත්මක යි.

නව චක්‍රලේඛවලට අනුව මේ මස 26 වනදාට පෙර සිය හිඟ වැටුප් ලබාදෙන තෙක් වර්ජනය ක්‍රියාත්මක බවයි ශ්‍රී ලංගම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කාරක සභික ශාන්ත කුමාර සඳහන් කර තිබෙනවා


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button